තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි.
අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ඇය මෙම ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මූතූර් , දාහානගර් ගම්මානයේ නිවසක සිටි සහෝදරියන් දෙදෙනකු අද උදෑසන 7.30ට පමණ කපාකොටා ඝාතනය කර තිබුණි.
එලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු 68ක හා 74ක කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්.
ඔවුන් සමග සිටි 15 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සුළු තුවාල ලබා අද උදෑසන රෝහල්ගත කරනු ලැබීය.
පසුව මූතූර් පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ අදාළ ගැහැණු දැරිය මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවය.
ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය ද්විත්ව ඝාතනය සිදුකළ බව පාපොච්ඡාරණය කළ බව පොලීසිය සඳහන් කළේය.
සිය මිත්තණියන් දෙදෙනා තවත් මුනුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇතිවූ සිත් තැවුල මත මෙම ඝාතනය සිදුකළ බව ඇය පොලීසිය හමුවේ පවසා තිබේ.
ඝාතන සිදුකරන අවස්ථාවේදී ඒ සඳහා භාවිත කළ තියුණු ආයුධයට තම අතද තුවාල වූ බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත.
සිය මව රාත්‍රී සේවා මුරය සඳහා සේවයට ගොස් සිටියදී මෙම ඝාතන සිදුකළ බවත් මියගිය කාන්තාවන් දෙදෙනා අතර අදාළ කාන්තාගේ මවද සිටී.
සැකකාර දැරිය හෙට (15) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.