කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
වසර 13කට පසු මෙරට අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමටද සැලසුම් කර තිබෙන බව වනජීවී, වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (28 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
''අප රටේ විශාල ගැටළුවක්ව පවතින වන අලි උවදුර මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් 2023 වසරට වඩා මිනිස් හා වනඅලි මරණ අඩු කර ගැනීමට හැකි වී ඇති බවකිව යුතුයි.
මේ වෙනුවෙන් දැනට ඉදිකර ඇති විදුලි වැට කිලෝ මීටර් 5390 නඩත්තු කිරීම සඳහා සේවකයින් හාරදහස් හත්සියයකට වැඩි සේවක පිරිසක් බඳවා ගෙන තිබෙනවා.
එසේම වසර 13කට පසු මෙරට අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමටද අප සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම වනජීවී අපරාධ මැඩලීම සඳහා වර්තමානයට ගැලපෙන පරිදි වන සත්ව හා වෘක්ෂලතා අඥා පනත සංශෝධනය කිරීම හා නව නීති ඇතුලත් කිරීමද සිදු කර තිබෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් පවසන්නීය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.