කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ව්‍යවසායක ධම්මික පෙරේරා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන අය සහ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.
මීට අමතරව උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයකු ද පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන ගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කෙරිණ.
අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.
මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
(ලංකාදීප - සුජිත් හේවාජුලිගේ සහ අමිල චින්තක ගමගේ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් පවසන්නීය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.