පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගය යි.
එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමිනි.
මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක් වෙයි.
සමගි ජනබල වේගය ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමිනි.
එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.49ක් වෙයි.
එම පක්ෂයට ආසන 3ක් හිමිව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.14කි.
එම පක්ෂය ආසන 2ක් හිමිකරගෙන තිබේ.
ඡන්ද 257,813ක් හිමිකර ගැනීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.31කි.
එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 6කි.
ඊට අමතරව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ඩී.පී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධුර එක බැගින් හිමිකරගෙන තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.