ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන සඳහන් කළේ, තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.
ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.