විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ හෝ අගතියට පත් රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

කොමිසම දැනුම් දෙන්නේ, වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ප්‍රතිකාර ලබා අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාල තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙසයි.

1954 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් මෙම තොරතුරු   දැනුම් දීමට හැකියාව ඇත.

m4.JPG

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.