පුවත්

ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් විශාල පිරිසක් මරුට

ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් විශාල පිරිසක් මරුට

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රවීණ නර්තනවේදිනී, වජිරා චිත්‍රසේන දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ නර්ත්නාචාර්යවරියක වන දේශමාන්‍ය වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 93 වැනි වියේ පසු වුවාය.

Read More

ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි - ලෝකයටම ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් පවසයි.

Read More

ජනපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නව ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධූරයේ අද (23) පෙරවරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.

Read More

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පැවසුවාය.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිස්වෙයි

නව වැනි ජනාධිපති ලෙස තේරි පත්වූ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව තිබේ.

Read More