ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන ප්‍රවාහනයත් ඒකාධිකාරියකට යටත් කිරීමට උත්සාහයක් පවතින බවය.
"මේ වෙලාවේ ඉතාම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බවුසර් රථහිමියන්ට. මෙතෙක් කාලයක් තොග ගබඩාවලට බවුසර් රථවලින් තෙල් ඇද්දේ අපේ බවුසර් රථහිමියන් විසින්. මොකද අපි තමා මේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සේවාව කරන්නේ. අපි තෙල් ඇද්දේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට දුවන්න තෙල් හම්බවෙන්නේ නෑ. නමුත් පහුගිය වසර දෙක තුනක කාලයේ සිට මේ ව්‍යාපාරය ගජමිතුරු ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙකුට පවරලා දෙන්න ලෑස්ති වෙලා තිබුණා. අපි සංගමයක් විදියට මැදිහත් වෙලා කාලයක් පුරා ඒක නවත්තාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේ තමන්ගේ ගජමිතුරන් කිහිපදෙනෙකුට මේ ප්‍රවාහන සේවය පවරලා දෙන්න තමා මේ හදන්නේ.
බවුසර් එකක් දෙකක් තියෙන බවුසර් රථහිමියන් තමා, ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ යෙදෙන්නේ. බවුසර් රථහිමියෝ 400 - 500ක් විතර මේ සංගමයේ ඉන්නවා. නමුත් මේ අය නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සහ මුතුරාජවෙල ඉඳලා කුරුණෑගල පර්යන්තය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම ටෙන්ඩර් මඟින් එක් මුදලාලි කෙනෙකුට භාරදෙන්න හදනවා. මෙහෙම ගියොත් අන්තිමට වෙන්නේ අනෙක් ප්‍රවාහන සේවාවන්ට සිදුවුණ දේ තමා. ඒ නිසා මේක වහාම නවත්තලා සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා ඒකාධිකාරියකට යටත් කරන්නේ නැතුව පොදු ජනතාවගේ සේවාවක් ලෙස කරන් යන්න අවස්ථාව දෙන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.