ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 45දෙනෙකු මිය ගොස් තිබේ.
සඳුදා (2025 නොවැම්බර් 17) බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මක්කම සිට මදීනා නගරයට දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මදීනා නගරයට කිලෝමීටර 25ක් පමණ දුරකදී මෙලෙස අනතුරට ලක්වී තිබේ.
බස් රථයේ මගීන් 46 දෙනකු සිට ඇති අතර ඉන් දිවි ගලවාගැනීමට හැකිවී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණී. එම පුද්ගලයා මේ වනවිට රෝහල් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.