කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසය ද වෙනස් වන බවයි හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
"ඒ ගොල්ලෝ හිතුවා තවත් දශක ගණනාවක් එකිනෙකා පිට කහගනිමින් එකිනෙකා ආරක්ෂා කරගනිමින් මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මොකද වුණේ... අන්න ඒ සනීපෙන් මේ ගමන යන්න පුළුවන් කියලා කල්පනා කරපු ගුවන් තොටිල්ල හෙල්ලෙන්න පටන් අරන් තියෙනවා. ඒ ගොල්ලෝ නොහිතපු දෙයක් ඒ ගොල්ලෝ හිතුවේ නැහැ නව පොදු ජනයාගේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිලා එය බලය ලබා ගැනීමට සමත් වෙයි කියලා, බලය ලබාගැනීමට හැකි ව්‍යාපාරයක් හැටියට වර්ධනය වෙයි කියලා ඒ ගොල්ලෝ හිතුවේ නැහැ. ඒ ගොල්ලෝ හැමදාම හිතුවා ඒ අත්තෙන් මේ අත්තට මේ අත්තෙන් ඒ අත්තට මාරු වේවි ඉන්න පුළුවන් වෙයි කියල. හැබැයි දැන් ඒ ගොල්ලෝ හිතපු මුළු දේශපාලනයම වෙනස් වෙලා තියෙනවා. අලුත් දේශපාලන ව්‍යාපාරයක්.... ජාතික ජන බලවේගය සැප්තැම්බර් මාසේ 21 වැනිදා සහතික වශයෙන් ජයග්‍රහණය කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.