ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම, ඔහු මෙරටට පැමිණීමෙන් පසු සාම්පූර් බලාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට ද සහභාගි වීමටද නියමිතයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ,
“මීට කලින් අපිට ණයක් විදිහට හම්බෙච්ච මහව ඉදලා අනුරාධපුර දුම්රිය මාර්ගය සංඥ පද්ධතිය සම්පූර්ණයෙන්ම අපිට ප්‍රධානයක් විදිහට අපිට ලබාදෙන්නේ. ඒවා ණයක් නෙවෙයි. ඉතින් අපි ඒ ඉන්දියානු ගමනෙන් ලබාගත්ත වාසි…
ඒ වගේම අපේ රටේ විවිධ ආගමික ස්ථාන සඳහා පහුගිය කාලය තුළ එකඟතාවයන්ට ආවා ඒ සඳහා සූර්‍ය බලශක්ති පද්ධති ලබාදෙන්න එය තවත් වැඩි කර ගනිමින් අපි අවබෝධතා ගිව්සුම්වලට එළැඹුනා. ඒ කටයුත්තත් තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒ වගේම වතුකරයේ ජනතාව සඳහා ආධාර ලාබා දෙන එක තවත් වැඩි කරමින් ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා…
ඒ රාජත්‍රාන්ත්‍රික ගමනත් එක්ක අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගත්තා. අවබෝධතා ගිවිසුම් 15කට අපි අත්සන් තැබුවා. ඒ හරහා මේ 2025 අවුරුද්දේ අපේ පාසල් දරුන්ට නොමිලේ දෙන්න චීනය මැදිහත් වෙලා තියෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.