ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ නිවේදනය කරයි.
ඇල්ල දුම්රිය ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සඳහා එම දුම්රිය ස්ථානයන්හි සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථාන වලට ගමන් කිරීමට බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාළ සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතිවන සංචාරක ආකර්ෂණය පිළිබඳ සලකා බලා රූගත කිරීමට අවසර ලබා දී ඇතැයිද අදාල නිවේදනයේ දැක්වේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.