ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
කොළඹදී ඊයේ (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක,
"අපි පටන් ගත්තු තැන සිතපු දේවල්... සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා."
"මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙන්නත් බැහැ."
"මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.