කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසී ය.
අද (ජූලි 18) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ය,
''ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරගෙන ගිහින් පැන්නුවේ. දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තහම කතාව හොඳට කියනවා. බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද භාර දුන්නා. ඒගොල්ලන් ගෙනිහිල්ලා බෝට්ටුවට දැම්මා.''
2023 දෙසැම්බර් 17 දින යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දා පටන් රුපියල් බිලියන 19ක් වටිනා මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන ඇති බවත්, ගිනිඅවි 955ක් සොයාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.