ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
වවුනියාවට නුදුරින් රික්ටර් මාපක 2.3 සුළු භූ කම්පනයක් වාර්තා වී අැති බව භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.
වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි පොළවේ ඊයේ (18) රාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අැතිවූ බවට ප්‍රදේශය වාසීහු පවසති.
එය රාත්‍රී 11.02 ත් සුළු ශබ්දයක් සමඟ පොළව සෙලවීම අාරම්භවූ බවත් එය මිනිත්තු කිහිපයක් තුල අවසන්වූ බවත් පවසති.
සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් අපදා කළමනාකර එ්කකය පවසා සිටියෙ නිවාස වලට හානි සිදුවීම් අැතුළු අාපදා තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තා නොවූ බව ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.