වැඩි මිලට බෙහෙත් විකිණූ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
අද දෙරණ 360 සංවාදයට (5) ඊයේ දිනයේදී එක්වෙමින් ඔහු පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවය.
"මේක නැතිවුණා කියලා ප්‍රශ්නයක් නෑ. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක නැතිවුණා කියලා ගැටළුවක් නෑ. ඡන්දය ප්‍රකාශ කිරීමේදි අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ හැඳුනුම්පත. මේක ජාතික හැඳුනුම්පත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, යම් ලෙසකින් ඔබ විශ්‍රාමිකයෙක් නම් ඔබට රජයෙන් නිකුත් කර තිබෙනවා විශ්‍රාමික හැඳුනුම්පත ඒ හැඳුනුම්පත, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරු නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත තියෙනවා ඒක භාවිත කරන්න පුළුවන්, ඊටත් අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනවා පූජ්‍ය/ පූජක සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්, ඊට අමතරව පසුගිය කාලයේදී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා ඔවුන් නිකුත් කළා පින්තූර සහිත ලියවිල්ලක් අන්න ඒ පින්තූර සහිත ලිපිය අපි භාර ගන්නවා. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙනවා ආබාධිතයින් සඳහා හැඳුනුම්පතක්.
ඒ වගේම මේ මුකුත්ම නැති කෙනෙකුට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කළා මැතිවරණ කාර්යාලවලින් මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන්න. මෙන්න මේ ලියකියවිලිවලින් එකක් තිබුණා නම් ඔබට ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.