ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීම තහනම් කර ඇති අතර විදේශ ගමන් තහනමක්ද පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.