අයර්ලන්තයේ ඩබ්ලින්හිදි පැවැත්වුණු තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කරනු ලැබීය.
ලකුණු 146ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා තරගය ජයග්‍රහණය කළේය.
එහිදී කැපී පෙනෙන පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා සමරවික්‍රම පන්දු 45ක දී ලකුණු 86ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවිය.