ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට පොලිසිය විසින් මින් පෙර සඳහන් කළ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරයි.
වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඩෑන් ප්‍රියසාද් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ.
මීතොටමුල්ල ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර සිදුකළ වෙඩිතැබීමකින් රෝහල්ගත කළ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මින් පෙර පොලිසිය විසින් සඳහන් කරනු ලැබුවේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.