ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර උණුසුම්කාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වයන් යටතේ එම කලාපයන් හී පදිංචිව සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග නිතිපතා සම්බන්ධතා පවත්වන ලෙස දැඩිව උපදෙස් ලබා දී ඇති බවය.
ඒ අනුව මෙම කාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා සහාය වීමට පැය 24 පුරාවට හදිසි සම්බන්ධතා මාර්ග ක්‍රියාත්මක කරන ලෙස මැද පෙරදිග සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව පහත දැක්වෙන දුරකථන අංක මගින් හදිසි සම්බන්ධතා සඳහා පැය 24 පුරාවට ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ විය හැකියාව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසීය.
හදිසි සම්බන්ධතා තොරතුරු
📍 Embassy of Sri Lanka – Israel
▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)
📍 Embassy of Sri Lanka – Tehran
▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)
අවශ්‍ය පරිදි වැඩිදුර යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ලැබෙන අතර, කලාපයේ සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල උපදෙස්වලට සහයෝගය දක්වන ලෙසත් විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.