තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි .
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති
“අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා මන්ත්‍රීවරයාගෙන්. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බෙනවා. මම අද ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප් මට එපා. පටන් ගන්න ඕනේ මේ රට හදන්න. ඇත්තටම මම දැනන් හිටියේ නෑ එහෙම හම්බෙනවා කියලා පස්සේ තමයි දැනගත්තේ එහෙම හම්බෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා මට විශ්‍රාම වැටුප එපා කියලා.
ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට මන්ත්‍රී වැටුපත් හම්බෙනවා ඇමති වැටුපත් හම්බෙනවා. අපි තීරණයක් ගත්තා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් ලැබෙනවා. මන්ත්‍රී වැටුපේ තෙල් දීමනාවත් අයින් කරලා අපි දෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා. ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝදනය කරනවා”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.