ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 5කට අදාළ අස්ථි කොටස් අද (15) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය ආශ්රිත කැණීම් තුළින් අදාළ අස්ථි කොටස් ගොඩගත් බව ඔහු සඳහන් කළේය.
සමූහ මිනිවළ තුළ තිබු සියළු අස්ථි කොටස් අද (ජුලි 15වැනිදා) වන විට ගොඩගෙන අවසන් බවත් සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවත් ඔහු පැවසීය.

සමූහ මිනිවළ කැනීම් කටයුතු අවසන් කොට ඇති බවත් අවසන් වාර්තාව හෙට (16) දිනයේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කිරීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.
සමූහ මිනිවළ සම්බන්ධයෙන් කළ ස්කෑන් පරීක්ෂාව අනුව සමූහ මිනිවළ ආසන්නයේ පවතින මුලතිව් කෝකිලායි ප්‍රධාන මාර්ග සීමාවේද අස්ථි කැබලි ඇති බවට අනුමාන කෙරුණි.
සමූහ මිනිවළ තුන්වන අදියර වන විට මිනිස් සිරුරු 40 කට අදාළ අස්ථි ගොඩගෙන තිබු අතර, සිව්වන අදියරේදී අලුතෙන් තවත් මිනිස් සිරුරු 12 කට අදාළ අස්ථි කොටස් මතුකර ගත් බවද රාජ් සෝමදේව පැවසුවේය.


වෙඩි උණ්ඩ කිහිපයක්, කැළෑ ඇඳුමකට සමාන ඇදුම් කොටස්, කම්බි කොටස් කිහිපයක් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හඳුනාගැනීමට භාවිතා කළේ යැයි සැක කරන අංකය සහිත අංක තහඩුවක්, සයිනයිඩ් කරලක්ද සිව්වන අදියරේ කැණීම් වලින් මතුකර ගැණුනි.
සමූහ මිනිවළ ආශ්රිත අස්ථි කොටස් විහිදී ඇති බවට සැකකරන සමූහ මිනිවළ ආසන්නයේ පවතින මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය හෑරීමේ කටයුතු ජුලි 5 වැනිදා ආරම්භ කළ අතර මාර්ගයට අයත් සීමාවේ කැනීම් තුළින් මෙම අස්ථි කොටස් මතුකරගෙන තිබුණි.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව ඇතුළු කැනීම් නිළධාරීන් කණ්ඩායමක් විසින් කැනීම් සිදු කරනු ලබයි.

සමූහ මිනිවළ කැණීමේ තුන්වන අදියර වන විට මිනිස් සිරුරු 40 කට අදාළ අස්ථි ගොඩගෙන තිබු අතර, අලුතෙන් තවත් මිනිස් සිරුරු 12කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීමත් සමඟ මේ දක්වා සමූහ මිනිවළ තුළින් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.