ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් (ජුලි 16 වැනිදා) ඕමාන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටියි.
එලෙස අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි සෙසු 13 දෙනා ඉන්දීය ජාතිකයින් වේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නම් වූ මීටර් 117ක දිගින් යුත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බව ඕමාන බලධාරීන් පවසයි.
අනතුරට පත් නෞකාව ගැන තොරතුරු
මෙම නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගොස් ඇති බවත් අතුරුදන්ව ඇති නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඕමාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර ඇත.

‘අතුරුදන්වූ පිරිස ගැන තොරතුරු ලැබුණා’
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රධානී නිලුක කඳුරුගමුව බීබීසී සිංහල වෙත පැවසුවේ අනතුරට පත්වූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිට ඇති බවට ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බවය.
එමෙන්ම අතුරුදන්වූ ලාංකිකයින් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීම ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ලබන බව ද ඔහු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශිකාවක් තහවුරු කළේ අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිට ඇති බවය.
"මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තොරතුරු සොයා බලමින් සිටිනවා. තවමත් සම්පුර්ණ තොරතුරු ලැබිලා නැහැ."
"නමුත් අපට දැනට දැනුම් දීලා තියෙනවා නෞකාවේ සිටි ලාංකිකයින් තිදෙනාගේ නම් ටික. අපි ඒ තොරතුරු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කරල තියෙනවා."
"සිදුවීමෙන් අතුරුදන්වූ ලාංකික කාර්ය මණ්ඩලේ තිදෙනා ලංකාවේ පදිංචිය කොහෙද කියලා සම්පුර්ණ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කරුණු තහවුරු කිරීමෙන් පස්සේ ලබා දීමක් සිදුකරයි."
"ඊට අමතරව අනතුරට පත්වුණු නැවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙක් ඉදලා තියෙනවා. ඒකෙන් 13 දෙනෙක් ඉන්දීය ජාතිකයින්." එම ප්‍රකාශිකාව සඳහන් කළේය.
BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.