ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා සඳහා ලබාගත් පැය 72ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් වෙඩික්කරුවෙක් සහ වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙකි.
මේ අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබූ "ක්ලබ් වසන්තගේ" බිරිඳ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීට සතියකට පමණ පෙර රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් "ක්ලබ් වසන්ත" ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ ජූලි මස 8වනදාය.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර අත්අඩංගුවට ගැණුනි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.