ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බවය.
කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පවසයි.
ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.
නව ක්‍රමවේදය හරහා රියදුරෙකු රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා විසින් ලබාදෙන දඩ පත්‍රිකාව අනුව එම අවස්ථාවේදීම දඩ මුදල් ගෙවීම සඳහා වූ ඩිජිටල් පද්ධතිය සකස් වී ඇති බවත් එම වරදට හිමිවන දඬුවම් ලකුණු ප්‍රමාණය රියදුරු බලපත්‍රයට එකතු වෙනු ඇත.
මෙම අසාදු ලකුණු ක්‍රමවේදය ලකුණු 24ක් දක්වා ආ පසු රියදුරු බලපත්‍රය අවලංගුවීම සිදුවනු ඇති බවද ඔහු පවසයි.
එසේ අවලංගු වන රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීම සඳහා රියදුරෙකු වසරකට පසු නැවත මුල සිට සියලු කාර්යයන් සම්පූර්ණ කර පැමිණිය යුතුව තිබේ.
දිනකට මෙරට මහා මාර්ගයේ මිය යන පිරිස 7 දෙනෙක් බවත් රිය අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වටයට පත් වන පිරිස් ද ඉහළ යමින් පවතින බැවින්ද මහා මාර්ගයේ විනයක් ඇති කිරීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.