ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65000 කට වැඩි මුදලක් පොලු තියා ඇති බවත් ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (17) පැවසීය.
එවැනි බදු ගෙවිය හැකිවුව ද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් ඔහු කියා සිටියේ හෝමාගම ආසනයේ ජනහමුවකට සහභාගි වෙමිනි.
එසේම, ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කර ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.