ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුරට පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොරබැදීමක් සිදුව ඇති අතර එහිදි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනිඅවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
එහිදී ධීවරයින් දෙදෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර එම දෙදෙනා යාපනය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවටත් ප්‍රකාශයක් ලබා දී තිබේ.
තවද ධීවරයින් 11 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයටත් ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව කන්කසන්තුරය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.