ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබේ.
පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවය.
රෝගාතුර වූ තරුණිය සිය මව සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ ආපන ශාලාව වෙත ගොස් ඇත.
එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර තිබේ.
එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගෙන ඇත.
අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා ඇත.
එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන බවය.
පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකි බවත්, ඒ හේතුවෙන් සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බවත් ඔවුන් පවසා තිබේ.
අනතුරුව අදාළ ආපන ශාලාවේ තිබී තවත් එවැනිම පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් ද පොලීසිය මගින් සොයාගෙන ඇත.
වේල්ලවීදිය පොලිසිය හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.