ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති ආර්.එම්.එල් රත්නායක සඳහන් කළේ, ලබන ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට සිය කොමිසමට බලය ලැබෙන බවයි.
2024 ඡන්ද හිමි නාමලේඛණයේ හිමිකම් හා විරෝධතා පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙයි.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ජූලි අග වනවිට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
සැප්තැම්බර 17 ත් ඔක්තොම්බර් 16 ත් අතර කාලයේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක පැවසුවේ ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.