නමුත් අද (18) පස්වරු 6 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බව එම මණ්ඩලය පවසයි.
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රෙෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී ඊයේ (17) අලුයම අනතුරක් සිදුව තිබිණි.
අනතුරින් පසු ජල නළය පුපුරා යෑමෙන් දැවැන්ත ජල කාන්දුවක් එම ස්ථානයේ ඇතිවිය.
සිදුවූ ජල කාන්දුව නිසා කලටුවාවේ සිට අදාළ නළය ඔස්සේ සිදුකරන ජල සැපයුම නතර කර අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ උදෑසන පියවර ගනු ලැබීය.
ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අඩාළවුණි.
හානි වූ නළයේ අලුත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රී යුහුසුලුව සිදුකෙරුණි.
අද අලුයම 4වන විට අලුත්වැඩියා කටයුතු අවසන් කෙරුණු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
කෙසේ වෙතත් සැපයුම යළි යථාතත්ත්වයට පත් කෙරුණද ප්‍රදේශ රැසක ජනතාවට තවදුරටත් ජල සැපයුම ලැබී නොමැත.
මේ හේතුවෙන් දෛනික කටයුතු කර ගතනොහැකිව ජනතාව අසීරුතාවට පත්ව තිබේ.
adaderana.lk