ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම සඳහන් කළාය.
"මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.