ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වැනිදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු තහනම් බවයි.
අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.
මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයින් 8,352ක් තරග වදින අතර ඉන් අපේක්ෂකයින් 5,006ක් පක්ෂවලින් ඉදිරිපත්ව සිටී.
ස්වාධීන අපේක්ෂකයින් ගණන 3,346 කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.