ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙරට වී තොග පිළිබඳ වාර්තාව මේ සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
අනුරාධපුර පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කෙරෙන බවත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින වී තොග මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින තොග ද මේ යටතේ ගණන් ගැනෙනු ඇති බවත් එම අධිකාරිය දැනුම්දෙයි.
නාඩු සහල් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා ඇති අතර පාලන මිල ඉක්මවා නාඩු සහල් අලෙවි කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ත් පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බව ත් පාරිභෝගික කටයුතු අධිකාරීය පවසයි.
වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සම්බන්ධයෙන් පසුගිය දා සහල් මෝල් හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ වෙළෙඳපොළේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.