ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
UPDATE : 05.45PM ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කළ බව කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන්නේ අද සවස 3:15ට කටුනායකට පැමිණිමට නියමිතව තිබූ එම ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට එය ගොඩබෑමට පෙර දුරකථන පණිවුඩයක් ලැබී තිබුණු බවයි.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වීමෙන් අනතුරුව අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගත් බව ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසයි.
කුඩා දරුවෙක් ඇතුළුව මගීන් 108 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් එම ගුවන් යානයේ සිටි බව සඳහන් ය.
එම ගුවන්යානය 2.56ට පමණ ගොඩබස්වා ඇති අතර අනතුරුව එහි සිටි සියලුදෙනා ආරක්ෂා සහිතව ගුවන්යානයෙන් ඉවත්කර අවශ්‍ය ආරක්ෂක පියවර ගත් බව නිවේදනයේ දැක්වෙයි.
----------------
විස්තාරා ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් (UK131) කටුනායක ගුවන් තොටුපොළේ හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර ඇති බව වාර්තා වේ.
අද (24) දින පස්වරුවේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ධාවන පථයේ කෙලවර විශේෂ ස්ථානයක නවතා පරික්ෂාවට ලක්කර ඇත්තේ බෝම්බ තර්ජනයක් නිසා බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් යානය අද පස්වරු 02.56ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
බලධාරීන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පසුගිය 19 වැනි දිනද ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත විස්තාර ගුවන් සේවයටම අයත් ගුවන් යානයක් බෝම්බ බිය හේතුවෙන් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කෙරිණි.
තොරතුරු මුලාශ්‍ර : Aviation Voice
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.