මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.