තමන්ගේ මතය අනෙක් අය දැන ගැනීමට අවශ්‍යතාවක් නැති බවත් එසේම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
මෙවැනි කටයුතුවලින් කරන්නේ ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ අනන්‍යතාවයට යම් බලපෑමක් සහ හානියක් බවද ඔහු රහස් ඡන්දයේ ගුණාත්මකභාවයට ද හානියක් සිදුවන බව ද පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා මෙය එක්තරා ආකාරයකට අයුතු බලපෑමක් බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ පැමිණිලි කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් දැනටමත් එවැනි දේ කළ කිහිප දෙනෙකුට අවවාද කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.