බදුල්ලේදී බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට (VIDEO)
බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, නිදහස්, සාධාරණ හා විශ්වසනීයභාවයෙන් යුතුව පැවැත්විම සඳහා සියලු විධි විධාන යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊට අදාලව ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේ වෙතත් කොමිෂන් සභාවේ වර්තමාන උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයින් හා සංවිධාන, ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාලව එනම්, සලකුණු කරන ආකාරය, මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින්වර කරනු ලබන ප්‍රකාශ හා මත, ප්‍රචාරය වන බවට නිරීක්ෂණය වන බව එහි දැක්වෙයි.
ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක, නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ හෝ අගතියට පත් රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.
කිසිදු ලියවිල්ලක් නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.