වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇතැයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවත් එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක සඳහන් කළේ ය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වළකින්නැයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සියලුම දෙමව්පියන්ට, භාරකරුවන්ට, සහ සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.