ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර තිබේ.
මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
* ඡන්ද දායකයා හඳුනාගත හැකි පරිදි යම් දෙයක් ලියනු ලැබූ හෝ සලකුණු කරනු ලැබූ විට,
* කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැතිවිට,
* එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට,
* දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇතිවිට,
* එක හැර වෙනත් සලකුණක් සමග 2, හෝ 3 මනාප සලකුණු කර ඇතිවිට,
* 1,2,3,ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට
ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේපවිය හැකි බව යි.
එසේම, මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන හා තුන්වන මනාපයත් සලකුණු කළ හැකියි.
කෙසේ වෙතත් ඡන්ද දායකයාට අවශ්‍ය නම් ඡන්දය පමණක් ප්‍රකාශ කළ හැකියි.
ඡන්ද දායකයා, ඡන්ද පත්‍රිකාවේ තමන් කැමැති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් වෙන්කර ඇති කොටසෙහි එක ඉලක්කම සලකුණු කර, ඡන්දය ප්‍රකාශ කළ යුතු වේ.
අනතුරුව දෙක සහ තුන දරණ ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවන හා තුන්වන මනාප දැක්විය හැකියි.
ඡන්ද පත්‍රිකාවක ඡන්ද දායකයෙකු විසින් සිය දෙවන හෝ තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.