නාමල් ඇතුළු දේශපාලකයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන සහ නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
"ගැහැනු බලය එක මිටකට හෙට වෙනුවෙන්" මැයෙන් කොළඹදී අද (25) පැවති ජාතික ජන බලවේගය සංවිධාන කළ කාන්තා රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පියවරෙන් පියවර ආර්ථිකය පොහොසත් කිරීම සඳහා කටයුතු කරන බවත් එතෙක් ආර්ථික අපහසුතා තිබෙන පීඩිත පවුල් සඳහා රුපියල් 10,000ක සහ 15,000 බැගින් මුදල් මාසිකව ලබාදෙන බවත්ය.
ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක,
"ආරම්භයේ සිටම ඇඟේ ගාගන්නේ නැතිව පියවරෙන් පියවර සුද්ධ කරනවා. මේක පටන් ගන්නේ කොතනින්ද. නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරනවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.