ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
අද (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
"මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ දියාපියෝ (සිනහවකින්). අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ.
මං එක උත්තරයක් කියන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍ර කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහ බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.
ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ".
එමෙන්ම, තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය.
"අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා ඒ යුගය අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමය. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා. හැබැයි අපි එක දෙයක් කියනවා විරැකියාවෙන් පෙළෙන මේ ප්‍රදේශවල සමස්ත තාරුණ්‍යයට කුඩා තේ වතුහිමියන් හැටියට රටේ තේ නිෂ්පාදනයට දායකත්වය ලබාදෙන්නට අපි ක්‍රමවේදය හදනවා. රජපක්ෂලාට කත්ඇදලා රට බංකොලොත් කළ කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා. රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මට කියනවා පැනලා ගියාලු. මම පැනලා ගියේ නැහැ. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දැම්මේ නැහැ. කී දෙනෙක් කිව්වද ජනාධිපති ක්‍රමය ගැන. කවුරුත් වෙනස් කළේ නෑ. මට මේ තනතුරු ආසාව නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.