ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබේ.
මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.