ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අප පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පක්ෂයේ නිළධාරීන් පමණක් නොවෙයි. මේ වන විට අප පක්ෂය නියෝජනය කර පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා ලබාදී පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 14 දෙනා ගෙන් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු මෙම තීරණයට එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ වගේම අප මෙම තීරණය ගනු ලැබුවේ සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් බව පැවසිය යුතුයි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙ වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර තිබෙනවා''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.