ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත්කරමින් ගැසට් පත්‍රයක් මේ වනවිට නිකුත් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
අද දෙරණ සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණ කිරීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදුකරමින් පවතින බවය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.