සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් - කොළඹ පුරපතිනිය
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ අද (19) ශ්‍රීලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිවූ බවයි.
එම නිසා මගීන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකර සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට එම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි ඔවුන්ගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.