සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් - කොළඹ පුරපතිනිය
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබේ.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය මහතා සඳහන් කළේ මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවය.
දියවැඩියාව රෝගයේ, රෝග ලක්ෂණ සහ ඉන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය වැඩිදුරටත් පැවසීය.
"අපි සෑම දෙනාම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත්වීමට උත්සාහ ගත යුතුයි. ඒ වෙනුවෙන් පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයයි. අධික සීනි සහිත ආහාර අඩු කරලා වැඩි වශයෙන් එළවලු, මස්, මාළු සහිත ආහාර වෙලකට යොමු වීමෙන් සහ තමාගේ උසට සරිලන බර පවත්වා ගැනීමෙන් දියවැඩියාවෙන් තෙරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන්."
"පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව තිබෙනවා නම්, අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රරෝල් නමැති රෝගී තත්ත්වය තිබෙනවා නම්, බෙල්ල ප්‍රදේශයේ කළු පැහැ ගැන්වීමක් වගේ දකින්න තිබෙනවා නම්, මුහුණ ප්‍රදේශයේ කෙස් වැවීම වැනි තත්ත්වයන් තිබෙනවා නම් එවැනි අවස්ථාවලදී දියවැඩියාව තිබේදැයි දැන ගැනීම සඳහා පරීක්ෂා කරගැනීම වැදගත්."
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.