1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වගන්තියට ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.
අදාළ නම් කිරීම ගැසට් නිවේදනයක් මගින් පසුගියදා (02) නිකුත් කර තිබේ.
කදිරවේලු සම්මුගම් කුගදාසන් කලක් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබේ.
ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි නව නායකයා තෝරා ගැනීම සඳහා පසුගිය කාලය පැවති මධ්‍යම කාරක සභාවේදී එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ඔහු පත් කරනු ලැබූ අතර එම පත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන මේ වන විට ත්‍රිකුණාමල දිසා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
lankadeepa.lk