මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න පවසන්නේ රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවයි.
බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිජිටල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දෙයි.
lankadeepa.lk