පුවත්

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අත්සන ලැබී තිබේ.

හම්බන්තොට නාමල් ගේ රැස්වීමකට ගල් ප්‍රහාරයක්

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි

ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ඊයේ (11) ගොනු කළාය.

Read More

කෙහෙළියට ඇප ලැබුණු හේතුව මෙන්න

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 07වන සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර, 12වන සැකකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන අය ඇප මත මුදාහැරීමට මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණොත් කළ යුතු දේ මෙන්න

සැප්තැම්බර් 14 වනදා වනවිට යම් අයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.

Read More

සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශය විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක

විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබේ. මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.

Read More

යාගී බලපෑමෙන් වියට්නාමයේ 127ක් මරුට

සෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

Read More